බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:06

බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 5 1/2 කින් වැඩිවෙලා සංගමය කියයි Featured

දිනක බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ පහමාරක් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවැසීය.

මේ හේතුවෙන් ලබන සතිය මුලවන විට බිත්තරයක් රුපියල් 45 ක් 46 ක් වැනි මිලකට පාරිභෝගිකයන්ට මිලදී ගතහැකි බවද ඒ මහතා කීය.

පසුගිය කාලයේ රටේ බිත්තර අවශ්‍යතාවය වන ලක්‍ෂ 70 ක් වුවත් දෛනික බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 50 ක් පමණ වූ බවත් මේ වනවිට එම ප්‍රමාණය ලක්‍ෂ පහමාරක් පමණ වැඩිවී ඇති බවත් ඔහු කීය.

මේ ආකාරයෙන් බිත්තර නිෂ්පාදනය වැඩිවීම නිසා දෙසැම්බර් පමණ වනවිට රටේ බිත්තර නිෂ්පාදනය අතිරික්තයක් වන බවත් ඒ අනුව බිත්තරයක මිල රුපියල් 25 ත් 30 ත් අතර වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website