සිකුරාදා, 11 අගෝස්තු 2023 08:39

‘ආසියාන්’ අනිකුත් රටවල් සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ Featured

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම ‘ආසියාන්’ සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමග එකඟ වන බව ද එම දැක්ම ඉදිරියට ගෙන යෑමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 08 වැනිදා කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවැති 56 වැනි ‘ආසියාන්’ දින සැමරුම් උත්සවයේදීය.

1967 අගෝස්තු 08 වැනිදා ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු පස්දෙනකුගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ASEAN පිහිටුවා ගත්හ. අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරන අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පුළුල් වී තිබේ.

ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් සෑම වසරකම අගෝස්තු 08 වැනිදා ආසියාන් “ASEAN දිනය” සමරනු ලබයි.

 

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website