බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:11

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක් Featured

ඊයේ (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් තිබුණි.

මේ අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය ද 13.94% සිට 13.19% ක් දක්වා පදනම් අංක 75කින් අඩු වී තිබේ.

අද දින වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට රු. මිලියන 289,665 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000 ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website