බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:39

වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණයි - වී අලෙවි මණ්ඩලයෙන් ප්‍රකාශයක් Featured

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි.

වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා, ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණොත් විවෘත කිරීමට සලකා බලන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (18) දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් කැඳවා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website