සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 08:57

ත්‍රිපෝෂ කම්හල විකිණිල්ල නතර කරන්න හරියට ත්‍රිපෝෂ බෙදන්න – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි Featured

රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

විපක්ෂ නායකවරයා කථානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමින් මේ බව කී අතර එහිදී මෙසේද පැවසීය.

ත්‍රිපෝෂ ලබා දීමේ බරපතළ ගැටලුුවක් අද තිබෙනවා. කිරි දෙන මවුවරුන්ට, ගැබිනි මවුවරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ අද හරියාකාරව දෙන්නේ නැහැ. ඒ වගේම අපට දැන ගන්නට ලැබී තිබෙනවා ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත් පෞද්ගලීකරණය කිරීමට මේ රජය කටයුතු කරනවා කියා. පෞද්ගලීකරණ ලැයිස්තුවේ ඒ ආයතනය තියෙනවා. එම ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියලා මම ඉල්ලනවා. ත්‍රිපෝෂ දීම ඕනෑම රජයක වගකීමක්. දරුවන්ගේ මවුවරුන්ගේ පෝෂණය ගැන බලා ගැනීම රජයක වගකීමක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා හරියාකාරව ත්‍රිපෝෂ ලබා දෙන්න සහ රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන එක වහා නතර කරන්න කියලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website