ඉරිදා, 10 සැප්තැම්බර් 2023 10:54

කෝටි 630ක හිඟ බදු ගෙවන්න අරක්කු සමාගම්වලට ඔක්තෝබර් තෙක් කලි දෙයි Featured

අරක්කු සමාගම් කිහිපයකින් අයවීමට තිබෙන රුපියල් කෝටි හත්සියයකට ආසන්න හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහා එම සමාගම්වලට ඔක්තෝබර් මස අග දක්වා කාලය ලබාදුන් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

කොටස් වශයෙන් අදාළ බදු මුදල් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීම සඳහා එම සමාගම්වලට ගෙවීමේ සැලසුමක් (Payment Plan) ලබාදී ඇති බව ද කපිල කුමාරසිංහ මහතා කීවේය.

අදාළ සමාගම්වලින් රු. කෝටි 630 කට ආසන්න මුදලක් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවීමට ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔවුන් කොටස් වශයෙන් ගෙවීම් කිරීමේදී එම සමාගම්වලින් ලැබීමට තිබෙන මුළු හිඟ බදු හා ප්‍රමාද ගාස්තු මුදල්වල එකතුව ක්‍රමයෙන් අඩුවීම සිදුවන බවද වාර්තා වේ.

මේ ගෙවීමේ සැලසුම අනුව අදාළ මුදල් නොගෙවන අදාළ අරක්කු සමාගම්වල සුරා බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා තවදුරටත් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website