බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:15

ලෝක ආහාර සංවිධානයේ ආහාර මල්ල ගන්න පෝලිම්.. Featured

ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභි පවුල් , අබාධිත , අසරණ පවුල් වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ආහාර මළු බෙදා දිම 19 දින සිට ආරම්භ කරනු ලැබුහ.

සහල් කිලෝ 50 ක් , පරිප්පු කිලෝ 20 ක් සහ ආහාර පිසින තෙල් ලිටර් 05 බැගින් එක් පවුලකට ලබාදෙන අතර , මෙය මාස දෙකකට වරක් මාස හයක කාලයක් තෙක් නොමිලේ ලබාදෙන බවයි ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා සහ සංවර්ධන නිලධාරිවරයා මගින් ප්‍රතිලාභින් තොරාගෙන ඇති අතර , නොර්වුඩ් ප්‍රදේශයේ එම ප්‍රතිලාභින් තොරා ගැනිමේදි අසාධාරණයක් සිදු වු බව පවසමින් නොර්වුඩ් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභින් සහ අබාධිත , අසරණ පුද්ගලයන් විශාල පිරිසක් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website