සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:18

ලංකාවේ පිරිසක් රුවන්ඩා බැංකුවක් සල්ලිවලට ගනී… Featured

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන LOLC Mauritius Holdings Limited විසින් රුවන්ඩාවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක් වන Unguka Bank PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට කටයුතු කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 14 වන දින මෙම සමාගම් අත්පත් කර ගැනීම සිදුව ඇති අතර එහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් රුවන්ඩාවේ Unguka Bank PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 90% ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Unguka Bank PLC හි කොටස් 46,612,489 ක් මෙහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් මිල දී ගෙන ඇත. ඒ කොටසක් රුවන්ඩා මුදල් ඒකකය වන Rwandan franc 114.43 ක් බැගින් වන පරිදිය. ඒ අනුව මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සඳහා ආයෝජනය කර ඇති සම්පූර්ණ මුදල Rwandan franc 5,333,934,000 ක් වේ.

ආසන්න වශයෙන් මෙය ශ්‍රී ලංකා මුදලින් රු. බිලියන 1.44 ක් පමණ වනු ඇතැයි තක්සේරු කළ හැකිය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website