ඉරිදා, 24 සැප්තැම්බර් 2023 11:22

සයිනොපෙක් ෂෙඩ් 50ක් Featured

චීන සයිනොපෙක් සමාගම මේ වනවිට රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් පනහක ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

එම සමාගම සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමට අනුව මෙරට පුද්ගලික ව්‍යාපාරිකයන්ට අයත් ඉන්ධනහල් එකසිය පනහක ව්‍යාපාර කිරීමට වෙන්කර දී තිබේ.

එම ඉන්ධනහල් එකසිය පනහෙන් දොළහක් තාමත් චීන සයිනොපෙක් සමඟ ගිවිසුම්ගතවී නැති අතර ඊට තාක්‍ෂණික හේතු කිහිපයක් බලපා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී. අනෙක් ඉන්ධනහල්වල ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම් ද යම් යම් හේතු මත ප්‍රමාද වී ඇත. කෙසේ වෙතත් එම සමාගමට අලුතින් තවත් ඉන්ධන හල් ආරම්භ කිරීමට ද හැකියාව පවතින බව ද එම සංගමය සඳහන් කරයි.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website