අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:41

අපනයන ආදායම අඩුවේ Featured

පසුගිය වසරේ ( 2022) අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව මේ වසරේ (2023) අගෝස්තු මාසයේ අපනයන ආදායම සියයට 10.91 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අංශවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත.

මේ අතර ගිය වසරේ (2023) ජූලි මාසයට සාපේක්ෂව ඉකුත් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1ල091.6 දක්වා සියයට 6.98 කින් වැඩි වී ඇතැයි ද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම වර්තාවක මේ බව දැක්වේ.

DN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website