සෙනසුරාදා, 14 ඔක්තෝබර් 2023 08:59

ඉන්දියාව-ලංකාව විදුලි පද්ධති එක් වෙයි.. මදුරෙයි සිට මන්නාරමට කේබල් පද්ධතියක්.. Featured

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයෙන් පද්ධති දෙක එක් කිරීමට නියමිත ව තිබේ.

මේ පිළිබඳව වාර්තාවන් රටේ විදුලිබල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් සලකා බැලීම මේ වන විට බොහෝ දුරට අවසන් කර තිබේ.

දැනට යෝජනා කර ඇති පරිදි මෙම විදුලි රැහැන් පද්ධතිය දුර කිලෝමීටර 280 ක් පමණ වෙයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකා පාර්ශවයෙන් මුහුද යටින් සහ උඩින් රැහැන් ඇදීමට යෝජනා වී තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් වැය වෙතැවි ඇස්තමේන්තු ගත කර ඇත.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website