ඉරිදා, 15 ඔක්තෝබර් 2023 09:34

ඩිජිටල් කෘෂිකර්මයකට අලුත් ගිවිසුමක් Featured

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමග ගිවිසුමකට අත්සන් කර තිබේ.

කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදුකෙරෙන එක් කාර්යයකි.

කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අදාළ දත්ත අමාත්‍යාංශය හතකින් ලබා ගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට නියමිත ය.

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දක්වාත්, ලබා ගන්නා ඵලදාව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනු ඇත.

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.

චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website