සෙනසුරාදා, 09 දෙසැම්බර් 2023 10:38

ගුවන් යානාවලට තෙල් ගහන්නත් කොම්පැනිවලට දෙයි Featured

ගුවන්යානා ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම හා ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ කටයුතු පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට තීරණය කළ බව වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මගින් ආයෝජකයන් කැඳවූ බවත් ඉදිරිපත් වූ සමාගම් තුනකින් දෙකක් තාක්‍ෂණ ඇගයීම් කමිටුව මගින් තෝරාගත් බවත් ඇමැතිවරයා කීය.

කැනල් පුද්ගලික සමාගමට හා ඒ.බී.සී.සී. ෂිපිං පුද්ගලික සමාගමට ඒ සඳහා අවස්ථාව ලබා දුන් බවත් ඔහු පැවසීය. කැනල් පුද්ගලික සමාගමට ඉන්ධන ආනයනය හා ගබඩා කිරීම සඳහා ගුවන්තොටුපළේ පිහිටි ඛනිජ තෙල් සමාගමේ පහසුකම් ගෙවීමේ පදනම යටතේ ලබාදීමට තීරණය කළ බවත් ඒ අනුව ආනයන කරන ඉන්ධන ගුවන්තොටුපළේ ගබඩා කර තැබීමට ඉඩම් කොටසක් ලබාදීමට ද රජයේ තක්සේරුව මත ඉඩම් තීරණය කළ බවත් ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඔහු කීය.

පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ) – මෙම සමාගම් දෙකින් එක සමාගමක් ලියාපදිංචි වී ඇත්තේ 2022 වසරේදියි. මේ සමාගම ඉන්ධන බෙදාහැරීම ගැන ජාත්‍යන්තර කිසිම සමාගමක සම්බන්ධකමක් සොයා ගන්න බෑ. මේ සමාගමේ සැබෑ අයිතිකරුවන් කවුද මේ සමාගම පිටුපස දේශපාලනයට සම්බන්ධ කවුරුහරි ඉන්නවාද වසරක ආරම්භයක් ඇති මෙවැනි සමාගමකට ගුවන්යානා ඉන්ධන සැපයීමක් කරන්න පුළුවන්ද?

ඇමැති නිමල් සිරිපාල – අපි සමාගම තෝරා ගත්තේ තාක්‍ෂණික කමිටුවක් මගින්. ඔවුන් පිටුපස දේශපාලනය තියෙනවාද කියා මා දන්නේ නෑ. ඕනෑ කෙනකුට තොරතුරු හොයා ගන්න පුළුවන්. ආයෝජකයෙක් ආවාම හරවා යවන්න අපිට බෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website