බදාදා, 27 දෙසැම්බර් 2023 11:13

දැරිය නොහැකි සංචාරක ප‍්‍රමාණයකින් නුවරඑලිය පිරී යයි… Featured

නන්තල් උත්සවය හා උදුවප් පොහෝ දිනය එක ලග යෙදීමෙන් ලැබුනු දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුවත් සමඟ සීත දෙසැම්බරයේ සුන්දරත්වය විදගන්නට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අති විශාල ජනකායක් නුවරඑළිය නගරයට හා නුවරඑළිය නගර ආසන්නයේ සහ අවට පිහිටි සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැමිණ ඇති බව

නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා පැවසිය.

මාධ්‍යට (26) දින අදහස් දක්වමින් සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ

සංචාරකයන් කොතරම් ප්‍රමාණයක් නුවරඑළියට පැමිණියද නුවරඑළිය නගරය තුළ නිසි සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක නොවීම හා වාහන ගාල්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති හේතුවෙන් සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්වනවා ,

හරි හැටි වාහන නවතා තැබීමට රථගාල් නොමැති හේතුවෙන් නුවරඑළියේ තිබෙන සංචාරක ස්ථානයන් විශාල ප්‍රමාණයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා ,

සංචාරකයන් වෙනුවෙන් වසර ගණනාවක් පුරාවට ක්‍රියාත්මක වන යල් පැනගිය සංචාරක සැලැස්ම වෙනුවට නව සංචාරක සැලැස්මක් නිර්මාණය කරමින් කඩිනමින් සිදු කළ යුතුයි ,

නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට විනෝද වීමට සහ ඔවුන්ගේ සියළු එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පහසු වන පරිදි ඕනෑම ස්ථානයකට ගමන් කල හැකිවන පරිද්දෙන් රථ වාහන සැලසුමක්ද සහිතව විශේෂ සංචාරක සැලසුමක් සකස් කල යුතුයි ,

දැනට වසර කිහිපයකට පෙර සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින්නන් ලාභ ලැබුවා බව සත්‍යයක් නමුත් වර්තමානය වන විට නුවරඑළිය මහනගර සභාව මගින් ජල ගාස්තුව 115% න් සහ බදු මුදල් 118% න් අත්තනෝමතික ලෙස වැඩි කිරීම ඔස්සේ සංචාරක ව්‍යාපාරය දැඩි ලෙස කඩා වැටී තිබෙනවා ,

මේ පිළිබඳව නුවරඑළිය මහනගර සභාවේ සහ රජයේ අවධානය යොමු කර නුවරඑළිය සංචාරක පුරවරයට විශේෂ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවද එතම පැවසීය .

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website