බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:17

රන් මිල ඉහළට Featured

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ අනුව ඊයේ (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 168,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එම අගය දැක්වුණේ රු. 163,700ක් ලෙසය.

මේ අතර පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවැති ‘කැරට් 24’ රන් පවුමක මිල අද වන විට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website