සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:08

ඉන්ධන සහ ගෑස් වලට වැට් වදින හැටි Featured

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද පැවසුවාය.

ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී ඇය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බව කීවාය.ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය සියයට 18 කින් ඉහළ නොයන බව කී ඇය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දේවල්වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website