ඉරිදා, 21 ජනවාරි 2024 13:49

බිලියන 1737ක් ණය පොලී ගෙවලා Featured

රජය විසින් දේශීය හා විදේශීය ණය මත පොලී ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී රුපියල් බිලියන 1,737.3ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

මෙය 2022 වර්ෂයේ පළමු මාස නවයේ දී ගෙවනු ලැබූ ණය පොලී මුදලට වඩා සියයට 87.3කින් වැඩි වීමක් බව ද මෙකී වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2022 වර්ෂයේ පළමු මාස නවයේ දී දේශීය හා විදේශීය මත ගෙවනු ලැබූ ණය පොලී මුදල රුපියල් බිලියන 927.4කි. මින් දේශීය ණය මත පොලී ගෙවීම සඳහා මෙම කාලසීමාවේ දී රුපියල් බිලියන 1652.1ක මුදලක් වැය කර තිබුණි. එය 2022 වර්ෂයේ මෙම කාලසීමාවට වඩා සියයට 101.6කින් වැඩි වී තිබුණි.

කෙසේ වුවද ඉකුත් වර්ෂයේ පළමු මාස නවයේ දී විදේශීය ණය මත පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 85.3ක මුදලක් වැය කර තිබූ අතර එය 2022 වර්ෂයේ මෙම කාල සීමාවට වඩා සියයට 21කින් අඩු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website