අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:45

රු. 35000ක් ඉල්ලා – සෞඛ්‍ය සටන අද අනුරාධපුරෙන් යළි ඇරඹේ Featured

විසඳුම් නැත්නම් 1දා සිට රටපුරා අඛණ්ඩ වැඩ වර්ජන

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙසට කරන ලද ඉල්ලීමට රජය සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අද (23 දා) අනුරාධපුර මහ රෝහල ඉදිරිපිටදී යළි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

අද (23 දා) දහවල් 12.00ට අනුරාධපුර දී ආරම්භ කරන මෙම සෞඛ්‍ය උද්ඝෝෂණ මාලාව ඉදිරි දිනයන්හිදී රටපුරා රෝහල්වලදී පැවැත්වීමට ඊයේ (22 දා) රැස්වූ එම සන්ධානය තීරණය කළ බව, කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

ඒ අනුව වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය වෘත්තීය සමිති 72කට අයත් සියලු කාර්ය මණ්ඩල මෙම විරෝධතාවට එක්වන බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම සිය සන්ධානයේ ඉල්ලීම් වෙත තවදුරටත් සාධනීය විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය පියවර නොගන්නේ නම් ලබන මස 01 දා සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website