සෙනසුරාදා, 16 මාර්තු 2024 09:12

ඩොලරය 300 සීමාවට - වාසිය පාරිභෝගිකයාට නෑ Featured

මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර අද (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.

නමුත් රුපියල දරුණු ලෙස අවප්‍රමාණය වූ අවස්ථාවේ දිනෙන් දින භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිය වේගයෙන් මේ වනවිට ඒවායේ මිල ගණන් පහළ නොයෑම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ප්‍රශ්න කරමින් සිටී.

මෙරට ආර්ථිකය දරුණු අවපාතයකට ඇදදමමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිම ප්‍රමාණයකින්, එනම් 44.8%කින් අවප්‍රමාණය වූයේ පසුගිය 2022 වසරේදීය.

2022 වසරේ නොවැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලරයේ නිරූපිත අනුපාතිකය රුපියල් 363 ශත 50ක් ලෙස පැවති අතර ඒ වනවිට ගැනුම් මිල රුපියල් 360 ශත 99ක් සහ විකුණුම් මිල රුපියල් 371 ශත 83ක් විය.

කෙසේවෙතත් අද වන විට මෙරට වාණිජ බැංකු රැසක අමෙරිකානු ඩොලරයක නිරූපිත අනුපාතිකය රුපියල් 305 ශත 64ක් බවට පත්වුණේ ගැනුම් මිල රුපියල් 300 ශත 60ක් සහ විකුණුම් මිල රුපියල් 310 ශත 20 තෙක් පහත හෙලමිනි.

ඒ අනුව ඉකුත් 2023 වසර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 12.1%කින් අධිප්‍රමාණය වී තිබූ අතර මේ වසරේ ගතවූ මාස තුන තුළ රුපියල 5.6%කින් අධිප්‍රමාණය වී තිබේ.

මේ අතර, විද්වතුන් පෙන්වා දෙන්නේ විනිමය අනුපාතිකයේ සිදුවන වෙනස්කම්වල වාසිය පාරිභෝගිකයා වෙත ලැබීමේ ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවය.

ADN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website