ඉරිදා, 17 මාර්තු 2024 12:02

වාහන නිෂ්පාදන බදු ආදායම ඩබල් Featured

රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම වශයෙන් 2022 වර්ෂයේ පළමු මාස නවයේ දී රුපියල් බිලියන 13.7ක මුදලක් උපයා ගෙන තිබුණි. ඒ අනුව 2022 වර්ෂයේ පළමු මාස නවයට සාපේක්ෂව 2023 වර්ෂයේ එම කාලසීමාවේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා වැඩි වී ඇත.

විගමණික සේවකයන්ට දිරිගැන්වීමක් වශයෙන් විද්‍යුත් වාහන ආනයනය කිරීමට රජය අවසර දී තිබුණි.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website