සදුදා, 18 මාර්තු 2024 08:51

කාණ්ඩ 122ක භාණ්ඩ ආනයනයේදී ප්‍රමිති සහ තත්ව ස්ථාපිත කරයි… Featured

ජාතික ආර්ථිකය මහජන සෞඛ්‍ය සහ පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණින් HS කේත 217යටතේ වර්ගීකරණය කරන ලද කාණ්ඩ 122 ක භාණ්ඩ ආනයනය කිරීමේදී ප්‍රමිති සහ තත්ව ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

 1969 අංක 01 දරණ ආනයන සහ අපනයන (පාලන) පනතේ විධිවිධාන යටතේ 2017 ආනයන හා අපනයන පාලන (ප්‍රමිතිකරණය සහ තත්ව පාලන) රෙගුලාසි පනවා ඇත.

කඩිනම් ආරක්ෂිත සහ ඵලදායී වෙළඳ ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට මෙන්ම දේශීය නිෂ්පාදන සහ ආනයනික නිෂ්පාදන සඳහා සාධාරණ අවස්ථා සහතික කිරීම පිණිස 2017 ප්‍රමිතිකරණ රෙගුලාසිවල දැනට පවතින ප්‍රමිති සහ තත්ව පරාමිති සංශෝධනය කිරීම අවශ්‍ය බව හඳුනාගෙන ඇත.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින්, රාජ්‍ය ආයතන ව්‍යාපාරික සංගම් සහ වාණිජ මණ්ඩල ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර පවතින ප්‍රමිති සහ තත්ව පරාමිතින් සංශෝධනය කර යාවත්කාලීන කර ඇත.

ඒ අනුව දැනට බලාත්මකව පවතින 2017 ආනයන හා අපනයන පාලන රෙගුලාසි අගතියකින් තොරව අවලංගු කරමින් 1969 අංක 01 දරණ ආනයන අපනයන පාලන පනතේ විධිවිධාන යටතේ 2024 ආනයන අපනයන පාලන ( ප්‍රමිතිකරණ සහ තත්ව පාලන) රෙගුලාසි පැනවීමට යෝජනා වී ඇත.

 අදාළ කාර්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ඇතුළත් යෝජනා පත්‍රිකාව ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා අනුමැතිය ලබාදී ඇත.

CN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website