අඟහරුවාදා, 26 මාර්තු 2024 10:54

රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­ කළ රු. දහද­ාහෙන් ඉතිරි පන්ද­හස අප්‍රේල් සිට Featured

වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපි­යල් 10,000ක දීම­නා­වෙන් ඉතිරි රුපි­යල් පන්ද­හස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය. සියලු රාජ්‍ය සේව­ක­යන්ට මාර්තු මාසයේ වැටුප ගෙවී­මෙන් අන­තු­රුව අප්‍රේල් මාසයේ වැටු­ප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවී­මට සූදා­නම් බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

එමෙන්ම අඩු ආදා­යම්ලාභී පවුල් ලක්ෂ 28කට නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබා දීමට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

මෙම රුපි­යල් දස දහසේ දීම­නා­වෙන් රුපි­යල් 5,000ක් ජන­වාරී මස සිට ගෙවීම ආරම්භ කළ අතර අප්‍රේල් සිට ඉති­රිය ගෙවන බවට රජය දුන් පොරො­න්දුව ඉටු කර­මින් මෙසේ ගෙවීම් ආරම්භ කරන බව ද ඇමැ­ති­ව­රයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බ­න්ධ­යෙන් ‘දින­මිණ‘ කළ විම­සු­ම­කට පිළි­තුරු ලබා දෙමිනි.

දැනට රාජ්‍ය සේව­ක­යන්ට වස­ර­කට වැටුප් ගෙවී­මට රුපි­යල් කෝටි දස­ද­හ­සක් වැය වන අතර අප්‍රේල් සිට තවත් 5,000කින් වැටුප් වැඩි­වී­මත් සමඟ රුපි­යල් කෝටි 1300-1400ත් අතර මුද­ලක් අම­ත­රව දර­න්නට වෙන බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා, අඩු ආදා­ය­ම්ලාභි පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාස­යේ­දීත්, තවත් සහල් කිලෝ 10ක් මැයි මාස­යේ­දීත් ලබා­දී­මට කට­යුතු කරන බවයි.

අඩු ආදා­ය­ම්ලා­භින්ට සහ­න­යක් ලෙසත්, ගොවීන්ට වී සඳහා ලබා­දෙන මුදල ඉහළ නැංවී­මට මඟ පෙන්වී­මත් අර­මුණු කර­ගෙන සිදු කරන මෙම වැඩ­පි­ළි­වෙළ අනුව අප්‍රේල් මාසයේ ලබා­දෙන සහල් කිලෝ 10ක ප්‍රමා­ණය එම මස 10 වන දිනට පෙර ලබා දෙනු ඇත. එමෙන්ම විශ්‍රා­මි­ක­යන් සඳහා අය­වැ­යෙන් යෝජනා කළ වැඩි­කළ රු. 2,500ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබා­දෙන බව ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

DN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website