සිකුරාදා, 05 අප්‍රේල් 2024 09:25

බාල බඩු වැහි වැහැලා.. අවුරුදු සේල්වලින් ප‍්‍රවේශම් වෙන්න කියයි.. Featured

උස්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළයුතු බව පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඊරසිංහ මහතා පැවසීය.

වෙනත් වසර වලට සාපේක්ෂව ජනතාව රවටන කූට ජාවාරම් රැසක් පිළිබඳව මේවන විට තොරතුරු ලැබි ඇතිබව පැවසීය.

විදුලි උපකරණ මිලදි ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

සෑම විදුලි උපකරණයකටම මාස 06 වගකිම් සහතිකයක් තිබිය යුතුය.

වගකීම් සහතිකය අනුව මිළ තීරණය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා පැවසීය.

එවැනි තොරතුරු ඇත්නම් වහාම පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

1978 ක්ෂණික දුරකථන අංකයට කතා කිරීමෙන් ඒ පිලිබදව දැනුම් දිය හැකිය.

මේ අතර ඇදුම් මිලදී ගැනීමේදී සහ වෙනත් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

උස්සව සමය වෙනුවෙන් මේවන විට දෛනිකව වැටලීම් සිදුකරන බව වැඩිදුරටත් අධ්‍යක්ෂවරයා පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website