සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:46

එලවළු මිල විශාල ලෙස පහලට.. Featured

වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබේ.

කැකිරි, පිපිඤ්ඤා රාබු කිලෝවක් තොග මිල රු 20ත් 25ත් අතර බෝංචි, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, හා බෝල බටු කිලෝවක් රු. 50ත් 55ත් අතර මිළකට අලෙවි වනු දක්නට ලැබේ. විශේෂයෙන් බෝංචි මිල අඩුවීමත් සමග සෙසු එළවලු මිළ ගණන්ද සාපේක්ෂව පහළ යන බව වෙළදසැල් හිමියන් පවසයි.

මිළ ගණන් අනුව උඩරට එළවලු වර්ග විශේෂයෙන් කැරට් රු. 300ක් ලීක්ස් රු. 140 වැනි මිල ගණන් දක්නට ලැබුණි. පසුගිය දින කිපයේදී ගෝවා සදහා ඉහළ මිලත් නියම වී තිබුණද මේවන විට ගෝවා තොග මිලද රු.80ක් දක්වා අඩුවී තිබේ.

වෙනත් වසරවලට සාපෙක්ෂව වට්ටක්කා සදහා ඉහළ මිලක් නියම වී තිබේ. මැලේෂීයන් වට්ටක්කා කිලෝවකට 140ක් වැනි මිලකට අලෙවි වනු දක්නට ලැබේ. වම්බටු හා කරවිල රු. 100ක මිලක් තීරණය වි තිබු අතර දඹල කිලෝවක් රු. 200 වැනි මුදලකට අලෙවි වනු දක්නට ලැබුණි.

එළවලු තොග විශාල වශයෙන් ලැබීමත් සමග එලවලු මිල ගණන් පහත ගොස් තිබේ.

CN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website