සෙනසුරාදා, 04 මැයි 2024 10:16

මැතිවරණවලට ගියොත් ආර්ථිකය බකල් වෙයි..- මහ බැංකුව Featured

ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව මෙතෙක් අත්කරගත් රජයේ ආදායම් වැඩිකර ගැනීම ඇතුළු රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රගතිය ආපසු හැරවීමට ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අඩාල කර, ආර්ථිකය අස්ථාවර කිරීමට හේතුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

ඉන් 2022 වසරේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට වඩා දරුණු අර්බුදයක් ඇති වීමට හේතුවනු ඇති බව ද මහ බැංකුව පවසයි.

 මේ නිසා මැනවින් රාජ්‍ය මුල්‍ය කලමනාකරණය කිරීම සහ දිගු කලෙක සිට කළ යුතුව ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා සිය ප්‍රයත්න අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන මහා බැංකුව පවසයි.

 මහ බැංකුව නිකුත් කළ පළමු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව දැක්වේ.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website