එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ, යූරියා පොහොර ආනයනයට අදාළ ප්රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
ලබන මස 15 ත්, 20 ත් අතර කාලයේ මඩ පොහොර මෙට්රික් ටොන් 36000 ක ප්රමාණයක් ලැබීමට නියමිත බවත්, ඒවා ගොවීන්ට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.