සදුදා, 27 පෙබරවාරි 2023 20:46

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් Featured

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදෙනු ඇති බවය.

එම මුදල මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 03ක් වෙත ප්‍රදානය කිරීමට නියමිත බව ද IFC ආයතනය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු විනිමය හිඟය විසදා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමේ අරමුණින් මෙම මූල්‍ය පහසුකම ලබා දෙන බවද ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය ප්‍රකාශ ක‍‍‍ළේ ය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website