අඟහරුවාදා, 11 ජූනි 2024 11:13

මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත්.. ගෘහ කාරක සභාවේ අනුමතයි… Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලියවිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාට භාරදී තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයන්ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නැති බවද කතානායකවරයා සඳහන් කළේය.

 අදාළ ලිපියට ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනකු අත්සන් කර තිබේ.

 මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇත.

 ඒ අනුව මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන බලපත්‍ර ලබාදීම හෝ නොදීම පිළිබඳව රජයේ තීරණය ඉදිරි සතියේ ගැනීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website