සදුදා, 22 ජූලි 2024 14:20

සබන් සහ සේදුම්කාරක දියර නිෂ්පාදන තාක්ෂනික පුහුණු වැඩසටහනක් Featured

රටතුල කර්මාන්ත බිහි කිරීම තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය  මගින් මේ වන විට වැඩසටන් විශාල ප්‍රමාණයක් ආරම්භ කර ඇත.

ඒ යටතේ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් සබන් සහ සබන් සහ සේදුම්කාරක දියර නිෂ්පාදන තාක්ෂනික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන මගින් රෙදි සෝදන සබන්, ටයිල් ක්ලීනර් හා දියර සේදුම්කාරක නිෂ්පාදනය පිලිබඳ සියලු කරුණු අඩංගු ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ.

මෙයට අමතරව ලේබල් කිරීම , අච්චු හා මැශින් ලබා ගැනීම, අළෙවිකරණය හා තත්ව පරීක්ෂාව පිලිබඳ තොරතුරු ද ලබා දේ.

මෙම වැඩසටහන ජූලි මස 30 වන දින උදේ 9.00 සිට සවස 4.00 දක්වා නුගේගොඩ දෙල්කඳ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට හා වැඩිදුර විස්තර සතියේ දිනවලදී 0112815009 / 0713532596 (නුවන්) දුරකතන අංකය වලට ඇමතුමක් ලබා දීමෙන් ලබා ගත හැක.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website