අඟහරුවාදා, 23 ජූලි 2024 12:00

සංචාරක සේවා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගිවිසුම් ගත වේ Featured

සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)  සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැළසීම අරමුණු කරගෙන සෞඛ්‍ය පහසුකම් අවම ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අදාලව අබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (22)  කොළඹ “ගොල්ෆේස්” හෝටලයේ “ජුබිලි” ශාලා‌‌වේ දී සිදු විය.

මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාවට සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙරට සංචාරයේ නිරත වන විදෙස් සංචාරකයින්ට ලබාදෙනු ලබන සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම අරමූණු කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩපිළි‌වෙළ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)  විසින් අවම සෞඛ්‍ය පහසුකම් සහිත රෝහල් 04 කට මූල්‍ය පහසුකම් සපයා සංචාරකයින්ට ඔබින සුවපහසු ගෙවන වාට්ටු ස්ථාපිත කිරීමට අදාලව ගිවිසුම් ගතවීම මෙහිදී සිදු විය.

මෙම ගීවිසුම් ගතවීම අනුව දඹුල්ල, බණ්ඩාර‌‌වෙල, පොතුවිල් සහ තිස්සමහාරාම රෝහල් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඉහත සදහන් එක් රෝහලක සුවපහසු ගෙවන වාට්ටු පහසුකම් ඇති කිරීම ‌වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත.

සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ‌වෙනුවෙන් අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ද අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදි.

 මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමණායක, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පාලිත ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් B.H.R. Sariffo Deen, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website