අඟහරුවාදා, 23 ජූලි 2024 13:11

තාවකාලිකව මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය Featured

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා තාක්ෂණික පිරිවිතර රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

ඒ අනුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබූ ශ්‍රී ලාංකික තාක්ෂණික පිරිවිතර රබර් නිෂ්පාදන ආයතන සඳහා අවශ්‍ය මුදවන ලද රබර් කිරි සහ මුදවන ලද රබර් කිරිවලින් අඹරා සාදන ලද Sheets අපනයන කාර්යයන් සදහා තාවකාලිකව ආනයනය කිරීමේ යෝජනා ක්‍රමය (TIEP) යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website