බදාදා, 01 මාර්තු 2023 08:38

යල කන්නය සඳහා ප්‍රමාණවත් මඩ පොහොර රට තුළ පවතිනවා - කෘෂිකර්ම අමාත්‍යාංශය Featured

යල කන්නය සඳහා ප්‍රමාණවත් ටී. එස්. පී. හෙවත් මඩ පොහොර රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේ, යල කන්නය සඳහා මඩ පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බවයි.

එම පොහොර ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර යල කන්නය සඳහා යූරිය පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් ද මෙරට තුළ පවතින බවත් තවත් මෙට්‍රික් ටොන් 20,000 ක් කඩිනමින් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, යළ කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website