බදාදා, 01 මාර්තු 2023 21:05

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙයි Featured

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ.

ඒ අනුව අද (01) රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 353 ක් සහ විකුණුම් මිල රුපියල් 363යි සත 30ක් ලෙස සටහන් විය.

මේ අතර ඇතැම් පෞද්ගලික වාණිජ බැංකුවල ඩොලර් එකක විකණුම් මිල රුපියල් 360ක් දක්වා අඩු වීමක් වාර්තා කළේ ය.

මීට අමතරව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 439 යි සත 43ක් ලෙසයි.

යුරෝ එකක විකිණුම් මිල රුපියල් 391 යි සත 32 ක් ලෙස දැක්විණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website