බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:07

ගොවීන්ට නොමිලේ ලබාදෙන ඉන්ධන නිකුත් කිරීම කඩිනම් කෙරේ Featured

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදා හරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේදී අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හෙක්ටෙයාර් 01 ක් සඳහා ඩීසල් ලීටර් 15 ක් බැගින් ලබා දීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී අදාළ ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාළ ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය කර තිබෙනවා.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website