බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 23:24

බදු ආදායම වැඩි කිරීමේ ප්‍රයත්නයන් දුප්පත් සහ අවදානම් කණ්ඩායම් ආරක්ෂා වන පරිදි සිදුවිය යුතුයි - IMF Featured

බදු ආදායම වැඩි කිරීමේ ප්‍රයත්නයන් දුප්පත් සහ අවදානම් සමාජ කණ්ඩායම් ආරක්ෂා වන පරිදි සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

එහි ශ්‍රී ලංකා කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජ්‍යෙෂ්ඨ ප්‍රධානී සහ කාර්යාල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ මසහීරෝ නොසාකි මහතා ඒකබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රාජ්‍ය බදු ආදායම සඳහා සහයෝගයක් දැක්විය හැකි කණ්ඩායම්, අදාළ බදු මුදල් ගෙවීමට ඉදිරිපත් විය යුතු බවයි.

රජයේ වියදම් පියවීම සඳහා හඳුන්වා දී ඇති නව ආදායම් බදු ප්‍රතිශත ඊට උපකාරී වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ නව බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල බවයි.

පවතින අසමතුලිතතාවයන් තුලනය කිරීමට නව බදු සංශෝධන උපකාරී වනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website