සදුදා, 29 ජූලි 2024 08:53

පඩි වැඩි නොකරන සමාගම් රජයට පවරා ගනී.. Featured

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් (28) දින නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරාගෙන එම වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම් වලට එම වතු පවරා දෙන බවයි.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට තිරණය කල බවත්, නාවලපිටිය ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදු කර ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

 

වසර පහකට වරක් වතු කම්කරුවන් වෙත පැමිණෙන වතුකරයේ දේශපාලඥයින් විවිධ පොරොන්දු ලබාදෙමින් ජන්දය ලබාගෙන යන බවත්, ජන්දයෙන් අනතුරුව එසේ පැමිණි කිසිදු දේශපාලඥයෙකු එම පොරොන්දු ඉටු නොකලද තමන් ජන්දයේදි පොරොන්දු වු සියළුම දේවල් මේ වනවිට ඉටු කරමින් පවතින බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

– රංජිත් රාජපක්ෂ

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website