අඟහරුවාදා, 06 අගෝස්තු 2024 13:43

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට අනුමැතිය Featured

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතයක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම පොලී අනුපාතිකය 10% දක්වා ඉහළ දමා ඇත.

ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත මේ වනවිට තැන්පතු සඳහා ගෙවනු ලබන 7.5%ක පොලී අනුපාතය 2.5%කින් ඉහළ දමා ඇත.

එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 2ක කාලයක් සඳහා ලබාදීමට නියමිතය.

 

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website