අඟහරුවාදා, 06 අගෝස්තු 2024 13:48

ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම සිදු කරගෙන යෑම ආර්ථිකය ස්ථාවර කිරීමට වැදගත් Featured

IMF‍ අලුත්ම වාර්තාවෙන් කියයි

මේ දක්වා අත්කරගෙන ඇති දුෂ්කර ආර්ථික ප්‍රගතිය වඩා තහවුරු කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ වන සියලුම වගකීම් නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම සහතික කිරීම ඉතා වැදගත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව අභියෝග සහිතව යථා තත්ත්වයට පත්ව සිටින මේ අවස්ථාවේදී ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකරගෙන යෑම ආර්ථිකය ස්ථාවර පදනමක් මතට ගෙන ඒමට ඉතා වැදගත් බවද එම අරමුදල නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

සමස්ත ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට සහ ණය තිරසරත්වය නැවත තහවුරු කරගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිණිස තවදුරටත් ප්‍රයත්න දැරීම අවශ්‍ය බවද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන මැදිකාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික ශේෂයක් පවත්වාගෙන යෑමේ අරමුණ කරා ළඟා වීම සඳහා ලබන වසරේ (2025) අය – වැය, සුදුසු ආයාදම් ක්‍රියාමාර්ග සහ අඛණ්ඩව වියදම් සීමා කිරීම මත පදනම් විය යුතු බවද මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website