බදාදා, 07 අගෝස්තු 2024 14:13

ගිය වසරේ සිට මේ වසරේ මැයි තෙක් බිත්තර කෝටි 23 ක් ලංකාවට ගෙන්වලා Featured

2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බිත්තර මිලියන 233.68ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

ඒ අනුව 2023 වසරේදී බිත්තර මිලියන 168.5ක් සහ 2024 වසරේ මැයි දක්වා බිත්තර මිලියන 65.18 ක් ආනයනය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එම වසරවල මෙරට තුළ පිළිවෙළින් බිත්තර මිලියන 2047 ක් සහ බිත්තර මිලියන 1073 ක් වශයෙන් බිත්තර මිලියන 3120 ක් නිෂ්පාදනය කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බිත්තර ගොවිපළ හරි අඩකින් පමණ වැසී ගොස් බිත්තර නිෂ්පාදනය පහත වැටීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදු වූ බව ඇමැතිවරයා කීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පැමිණ ඇතත් සංචාරක හෝටල්වලින් බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවත් මාළු සහ කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති බැවින් බිත්තරවලට දැඩි ඉල්ලුමක් පවතින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website