බදාදා, 07 අගෝස්තු 2024 14:26

බංගලාදේශය හැරදා එන්න එපා..- එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි.. Featured

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඇය මේ මොහොතේ ගැටලුවකට මුහුණ දී සිටියද ඇය සම්බන්ධයෙන් ඒ අගය කිරීම තමන් සිදු කරන බවද ඔහු සදහන් කරයි.

 

බංගල දේශයේ විපක්ෂ නායකවරිය නිදහස් කිරීමට ගෙන ඇති තීන්දුව හොඳ තීන්දුවක් වශයෙන් තමන් පිළිගන්නා බවත් එය මීට පෙර සිදු කෙලේ නම් තවදුරටත් ෂික් හසිනා අගමැති ධුරයේ රැඳෙනු ඇති බවද ඔහු පවසයි.

 

බංගලා දේශය තුළ ඉක්මනින් සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙතැයි තමන් බලාපොරොත්තු වන බවද පවසන ජනාධිපතිවරයා බංගලාදේශයේ ආයෝජනය කර ඇති සියලුම ශ්‍රී ලාංකිකයන් තවදුරටත් එහි රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටියි.

 

එරට දැනට පවතින කෙටිකාලීන අර්බුදය ඉක්මනින් විසෙඳනු ඇති බවද බංගලාදේශය ව්‍යාපාර සඳහා හොඳ ස්ථානයක් බවත් එය අතහැර නොඑන ලෙසත් ඔහු එහි සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටී.

cn

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website