බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:49

කොමි­සමේ විරෝ­ධය නොතකා විශ්‍රා­මි­ක­යන්ට රු. 3000 දීම­නාව Featured

සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් තුන්ද­හ­සක විශේෂ අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට රජය ගෙන ඇති තීර­ණය අකුළා ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සම සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීම­නාව ගෙවී­මට රජය තීර­ණය කර තිබේ.

පසු­ගිය 24 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වී­මේදී සියලු රජයේ විශ්‍රා­මි­ක­යන්ට දැනට ගෙවන රුපි­යල් 2500ක දීම­නා­වට අම­ත­රව රුපි­යල් තුන්ද­හ­සක් එක් කර එළ­ඹෙන සැප්තැ­ම්බර් මස සිට රුපි­යල් 5500ක අන්ත­ර්කා­ලීන දීම­නා­වක් ගෙවී­මට අනු­මැ­තිය හිමි විය. මෙම දීම­නාව ගෙවී­මට රජය තීර­ණය කරනු ලැබුවේ රාජ්‍ය වැටුප් විෂ­මතා පිළි­බඳ සොයා බැලීම සඳහා පත්කෙ­රුණු විශේ­ෂඥ කමි­ටුවේ සමා­ලෝ­ච­නය පරි­දිය. මැති­ව­ර­ණය අව­සන් වන­තුරු එම දීම­නාව නොගෙ­වන ලෙස මැති­ව­රණ කොමි­සම මඟින් සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් වෙත ඊයේ දැනුම් දී තිබිණි.

රජය මඟින් ක්‍රියා­ත්මක කරනු ලබන විවිධ සංව­ර්ධන වැඩ­ස­ට­හන් සහ සුබ­සා­ධන වැඩ­ස­ට­හන් මෙම මැති­ව­රණ සමයේ නතර කරන ලෙස මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා විසින් මීට පෙර ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහ­තාට ලිපි­ය­කින් දැනුම්දී තිබුණු අතර එම වැඩ­ස­ට­හන් අනී­තික නොවන බැවින් ඒවා නතර කිරී­මට රාජ්‍ය නිල­ධා­රීන්ට උප­දෙස් දීමට හැකි­යා­වක් නැතැයි එම ලිපි­යට පිළි­තුරු යව­මින් ඒක­නා­යක මහතා දැනුම්දී තිබිණි.

මැති­ව­රණ කොමි­සම ඊයේ සියලු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් කැඳවා කැබි­නට් මණ්ඩ­ලය මඟින් ගෙන ඇති තීර­ණය අනුව විශ්‍රාම වැටුප් දීම­නාව නොගෙ­වන ලෙස දැනුම් දී තිබේ. එසේ දැනුම් දෙනු ලැබූ­වත් කැබි­නට් මණ්ඩල තීර­ණය අනුව එම දීම­නාව ගෙවන ලෙස දන්ව­මින් අදාළ චක්‍ර­ලේ­ඛය රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රදීප් යස­රත්න මහතා සියලු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට යැවී­මට ඊයේම (07) පිය­වර ගෙන තිබිණි.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website