සෙනසුරාදා, 10 අගෝස්තු 2024 09:49

වතු සේවක වැටුප රු.1700ක් දෙන්න ආණ්ඩුව තීර­ණය කළා Featured

ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත

වතු සේව­ක­යන්ට වැඩි කළ රුපි­යල් 1700ක වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි සභා­නා­යක, අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (09) පැව­සීය.

වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව මේ වන විට පඩි පාලක සභා­වට යොමුව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පඩි පාලක සභා­වෙන් කුමන තීර­ණ­යක් ගත්ත ද වැඩි කළ වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට කම්කරු ඇමැ­ති­ව­රයා අපේක්ෂා කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

වතු සේව­ක­යන්ගේ වැටුප රුපි­යල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පු­තුන් අධි­ක­ර­ණ­යට ගිය බවත් එම නිසා පඩි පාලක සභා­වට එය මේ වන විට යොමු කර තිබෙන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. මෙම වැටුප් වැඩි කිරීම ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ මේ වන විට සැල­සුම් කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website