ඉරිදා, 11 අගෝස්තු 2024 11:59

විදේශගත ශ්‍රමිකයන්ගෙන් පසුගිය මාසයේ ඩොලර් කෝටි 56 ක ප්‍රේෂණ Featured

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

පසුගිය වසරේ ජූලි මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ ජූලි මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 10.3කින් ඉහළ ගොස් තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩ භාරගත් දිනයේ සිට අමාත්‍යාංශයෙන් ඉවත්ව යන තෙක් කාලය තුළදී විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.5කි.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර හිමිව තිබුණි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හයක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබී තිබුණි.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

DM

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website