ඉරිදා, 11 අගෝස්තු 2024 12:12

අමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 24.5ක් Featured

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ජූලි චන්ක් මහත්මිය එක්ස් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කරයි.

දෙරට අතර දීර්ඝකලක සිට පැවත එන හවුල්කාර ආයෝජන ඉදිරියට ගෙන යාම සදහා මෙම මුදල ලබා දෙන බව අමෙරිකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ඒ අනුව කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීම, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන වැනි හරිත මුල පිරීම් සංවර්ධනයට සහාය වීම වෙනුවෙන් මෙම මුදල් ලැබෙනු ඇත.

මෙරට කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, ජලය, සනීපාරක්ෂාව ඇතුළු කටයුතු සදහා ඇමෙරිකාව වසර ගණනාවක් පුරා ආධාර ලබාදී තිබේ.

එම වැඩපිළිවෙලේ තවත් දිගුවක් ලෙස මෙම මුදල් අමෙරිකාව ලබා දී ඇත.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website