සදුදා, 09 සැප්තැම්බර් 2024 13:59

රනිල් IMF නියෝජතයෙක්.. ඔහු කරන්නේ ජනතාවගෙන් IMFට බදු එකතු කරදීමයි.. Featured

ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වුයේ රටේ ජනතාව ගැන සිතා නොව රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සහචරයන් ආරක්ෂා කර ගැනිමට බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමක් අමතමණි.

 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෙකු බවත්, රටේ ජනතාවගේ බදු මුදල් එකතු කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගෙවා මේ රට බංකොලොත් කිරිමට කටයුතු කරන බවයි.

 

සැප්තැම්බර් 21 දින මේ රටේ ජන්ද දායකයන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාව ජයග්‍රහණය කරවන බවත්, අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් විමෙන් පසු වතුකරයේ ජනතාවගේ ගැටළු විසදිමට කටයුතු කරන බවයි.

 

මෙම රැස්විමට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිරආරච්චි මහතාද සහභාගි විය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website