බදාදා, 25 සැප්තැම්බර් 2024 11:37

මහ බැංකු අධිපති ජනාධිපති හමු වෙයි Featured

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වූ සඳහන්.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථිකයට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

DMN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website