බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:34

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් Featured

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ , මේ වන විට බිත්තරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙනි.

මේ වන විට වෙළෙඳපොළෙහි බිත්තරයක් රුපියල් 28ත් 32ත් අතර මිලකට අළෙවි වේ.

එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කරන මිල පැහැදිළිව ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

එම අධිකාරිය සඳහන් කළේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බවත් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත්ය.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website