×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

බදාදා, 02 ඔක්තෝබර් 2024 10:02

ගුවන්තොට සංවර්ධන රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘති යළි ඇරඹේ Featured

JICA ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹයි.

මේ පිළිබඳ අනාවරණය වූයේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී කළ සාකච්ඡාවේදීය. ජයිකා අයතනය මඟින් මෙරට ක්‍රියාත්මක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. ජයිකා (JICA) ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පසුගියදා ජපාන තානාපතිවරයා ජනාධිපති ලේකම්වරයා හමුවූ අවස්ථාවේදී සාකච්ඡා කළ අතර එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් කට්සුහිරෝ සුසුකි (KATSUHIRO SUZUKI) මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website