බදාදා, 09 ඔක්තෝබර් 2024 14:06

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අගමැතිනියගෙන් කළ ඉල්ලීම Featured

පසුගිය කලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එම කමිටුවට ලබාදීම සඳහා තම සංගමය කටයුතු කරන බවය.

"මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියනවා පසුගිය කාලයේ විශාල වශයෙන් ඖෂධ මිලදී ගැනීම වැනි කාරණාවලදී වංචා දූෂණ විශාල ප්‍රමාණයක් සිදුවුණා. වෘත්තීය සංගම් විදිහට අපි ඒවා දිගින් දිගිටම හෙළිදරව් කිරීමක් කළා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ නව ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරිය ඉතා කඩිනමින් පසුගිය කාලයේ සිදුකරපු වංචා සම්බන්ධයෙන් සේවීමට කමිටුවක් පත්කරයි කියලා. එය විශේෂයෙන්ම කිය යුතුවෙනවා පැරණි ආකාරයේ කමිටුවක් නොවිය යුතුයි. එය ස්වාධීන කමිටුවක් විය යුතුයි. මේ සෞඛ්‍ය සේවාවේ ඉන්න වෘත්තීය සමිති නායකයින්, ඒ එක්කම මේ සෞඛ්‍ය සේවකයින් ඔවුන් දන්නා වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුර හෙළිකිරීමට අවශ්‍ය වටපිටාව එහි සැකසිය යුතුයි"

DVN

 

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website