සදුදා, 13 මාර්තු 2023 11:22

රුපියලේ අගය ඉහළ යාමෙන් පමණක් රට සංවර්ධනය කරන්න බෑ.. Featured

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමෙන් පමණක් රට සංවර්ධනය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රට සංවර්ධනය සදහා සමස්ත පරිවර්තනයක් අවශ්‍ය බවද හෙතෙම ගම්පහ දී පැවති එම පක්ෂයේ ජනහමුවක් අමතමින් කියා සිටියේය.

ඩොලරයට ඇති ඉල්ලුම අඩු වීම, ආර්ථික සංකෝචනය වීම, ආනයනය තහනම් කිරීම හා ඩොලර් සැපයුම ඉහළ යාම නිසා මෙසේ රුපියල ශක්තිමත් වී ඇති බවත් ඔහු පැවසීය.

සමස්ත පරිවර්තනයකට සරලින පරිදි ආර්ථික දියුණු කළ යුතු බවද පැවසූ ඒ මහතා අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය අමුදව්‍ය අපනයනය කිරීම වෙනුවට අපනයන ආදායම් වැඩි කර ගැනීමට නව වෙළෙඳපොළ හඳුනාගෙන අගය එකතු කළ භාණ්ඩ අපනයනය ප්‍රවර්ධනය කළ යුතු බවද කියා සිටියේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website